Headlines

    මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරයි

    මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය. මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත. කෙසේ නමුත්…

    Read More

    මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි 

    2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය.  මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි.  සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්…

    Read More

    නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් එයි

    එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    Read More

    ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය

    දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව පෙරේදා (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.  ‍ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර…

    Read More

    ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඉන්දියාවේ ඇගයීමට

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා ඇත. ශ්‍රී…

    Read More

    අභිනව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි – දිලිත්

    අභිනව රජයට අවස්ථාව ලබාදිය යුතු බවත් තම පක්ෂය හොඳ විපක්ෂයක් වීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.  “හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට අභිනව රජයට අවස්ථාව ලබාදෙන්න අපිට යුතුකමක් තිබෙනවා. අපි කියන්න ඕනේ… අපි හොඳ විපක්ෂයක් වෙන්නයි එන්නේ….

    Read More

    බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි

    බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  රනිල්…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)විශ්‍රාමික අමාත්‍යාංශ…

    Read More

    ළමා ලෝකය නැවත දරුවන්ට දිනාදීම තම අරමුණ බව ජනපති කියයි

    දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට  දිනා දීම අපගේ පුනරුද යුග  කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්. – උපුටා ගැනීම – ලෝකය  ළමයින්ටයි……ඔවුන්ගේ  ලෝකය  අපේ දෑතින් ගොඩ නගමු….. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය,…

    Read More

    ජපානයේ නව අගමැති ඉෂිබා

    ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා එරට නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ තේරිපත්ව තිබේ. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙනුවට පත් වූ ඔහු 67 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නව අගමැතිවරයාගේ සැලසුමයි. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් පසුගිය දා…

    Read More