Headlines

    නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

    09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…

    Read More

    රටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්

    මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එහිදී තේරි පත්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංෂන පිරිනමා තිබේ. මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව…

    Read More

    ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි – රනිල් අනුරට කියයි

    පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව…

    Read More

    නව ජනපති අනුර 

    මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.  ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත්…

    Read More

    ඡන්දය සලකුණු කිරීමෙන් පසු නාමල් ජනතාව ගැන කියූ දේ

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ,    “ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ,…

    Read More

    ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු අනුර කළ ඉල්ලීම

    ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම  මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු…

    Read More

    සජිත් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

    සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම…

    Read More

    ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

    ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද (21) පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සවස 4ට නිමාවට පත්විය. ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය. ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි.  ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද…

    Read More

    දිලිත් ගේ විශ්වාසය

    සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කළේය. “සතුටු දැයක්” නිර්මාණය කිරීම සඳහා 2024 ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා ජන වරම ඉල්ලා සිටියේය. ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක්…

    Read More

    රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

    ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. “මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.” මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම්…

    Read More