Politics
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි. 1. ජනසෙත පෙරමුණ 2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3. සමගි ජන…
නීතිය ශක්තිමත් කරන බවට අනුරගෙන් සහතිකයක්
ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසයි. මහනුවර, දිගන පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “ජාතික ජන බලවේගයේ අපි කිසිවිටෙක තමන් අදහන ආගම, තමන් කතාකරන භාෂාව, තමනගේ අනන්‍යතාවය සහ සංස්කෘතීන් අපේ ඡන්දෙ වේදිකාවට ගන්නේ…
තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාලය අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි…
තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්
විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ලංකාවේ තාරුණ්‍ය හිතනවා මේකේ ඉඳලා වැඩක් නෑ කියලා අපි යන්න ඕනේ රට කියලා. අපි ඉදිරිපත් කරපු උපාය…
දිලිත්ගෙන් ගොවි ජනතාවට පණිවුඩයක්
කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (10) කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර…
IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ, ඇතැම් අපේක්ෂකයින් සිදුකරන පොරොන්දු ලබා දීමට අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බවය. කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “අපි IMF අනුව ක්‍රියා කරනවා…
රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්
රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. “දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරේ ගහනවා ද? එහෙම නැත්නම් රට ගොඩනගන සමගි…
ඉදිරි වසර 10 ගැන නාමල්ගේ සැලැස්ම
ඉදිරි වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන…
ජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් – මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්න
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණි සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් ඊයේ විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණි. ”රට ගොඩනගන්නේ කෙසේද” යන මැයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සඳහා මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සජීවී…
වරද පිළිගත් ජනපති පුතා
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව පිළිගෙන තිබේ. ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බව වාර්තා විය. ඒ අනුව, හන්ටර් බයිඩන් ට වසර 17ක සිර…