Headlines

    මැතිවරණයෙන් 50% ගන්නා බවට අනුර විශ්වාසයෙන්

    ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර…

    Read More

    දිනක් තුළ මැතිවරණ පැමිණිලි 65ක්

    ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 30ක් සඳහන්ය. මේ අතර පසුගිය ජුලි 31 සිට ඊයේ (18) දිනය දක්වා සමස්ත පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    Read More

    සජිත්ගේ ONE STOP SHOP සංකල්පය

    සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ”සැමට ජයක් – සමගි රටක්’ තේමාවෙන් අද (19) පෙරවරුවේ නාවලපිටිය නගරයේ පැවති ජනරැලියකදී ඔහු මේ බව පවසා සිටියේය. “දැනටමත් මම…

    Read More

    ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

    බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති ‘ගෝලීය දකුණේ හඬ’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය සඳහා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය…

    Read More

    ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරයි

    සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.  ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) සඳහන් කළේය. ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන…

    Read More

    ජනපති ධුර අපේක්ෂකයන් වියදම් කරන්න ඉල්ලන මුදල මෙන්න

    ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට…

    Read More

    ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ  – සමන් ශ්‍රී රත්නායක

    රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹදී ඊයේ (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට…

    Read More

    ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි

    සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ යාපනයේදී පැවැත්වීමට නියමිතය. අද පෙරවරුවේ යාපනයට පැමිණි ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රථමයෙන් ශ්‍රී නාග විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවට සර්වජන බලයේ සෙසු පක්ෂ නායකයින්ද එක්විය. එහිදී ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන් බැහැදැක සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත…

    Read More

    රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය  

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර…

    Read More

    ජනපති සටනට එන අපේක්ෂකයින්

    2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව…

    Read More