Politics
පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන…
ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබුණි. ජුලි මස 26 වනදා…
රාජගිරිය අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළේය. ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්,
ඇප තැබූ පිරිස 32ක් දක්වා ඉහළට
අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය. වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වේ. අදාළ නිවේදනය…
අනුර නාමයෝජනා අත්සන් තබයි
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙක්ද සහභාගි වූහ. මෙම අවස්ථාවෙන් අනතුරුව…
ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි ගැන තීරණයක්
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවය. මහනුවර නගර සංවර්ධන…
මැතිවරණ සලකුණු මෙන්න
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළව ඊයේ (09) දිනයේ ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව…
විජයමුණි – වඩිවේල් සහ විමලවීර රනිල් දිනනවාට කැමැත්තෙන්
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…
බංග්ලාදේශය යළිත් නොසන්සුන්
සති කිහිපයක සිට බංග්ලාදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය පහව ගොස් ඇතැයි පෙනී ගියත් අද (10) ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රමුඛ කරගත විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වටලා විරෝධතාවේ නිරත වී තිබුණි. ඒ අනුව, එරට අගවිනිසුරුවරයා අද (10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ, පැයක් ඇතුළත අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේය….
වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි
වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි. කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය…