Politics
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.
ට්‍රම්ප් සහ කමලා අතර විවාදයට දින තීන්දු වෙයි
අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් පසුගියදා පැවසුවේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා පිළිබඳ විවාද කිරීමට තමා සුදානම් බවය. මීට පිළිතුරු දෙමින් ඩිමොක්‍රටික්…
ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක
ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට…
විජයදාසගෙන් හෙළිදරව්වක්
පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. නමුත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එහිදී එම අවස්ථාව අහිමි කළ බවයි ඔහු පවසන්නේ. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. “මේ රටේ අරගලය තිබුණ වෙලාවේ…
දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණි….
සමගි ජන සන්ධානය එළිදකී
ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීම අද (08) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මෙරට මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුකමින් කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ…
ජනාධිපතිවරණයේ ප්‍රබලයා
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රබලම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සිය පක්ෂය අතහැර ගිය සෙසු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමග එක්වනු ඇති බවය. තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩි.වී.චානක…
රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවය. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා…
අරගලයේ නායකයින්ට පොහොට්ටුවෙන් ආරාධනයක්
එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (07) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය. “අරගලය…
දයාසිරි – සජිත් ගිවිසුම් අත්සන් කරයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතරය.