Headlines

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

    Read More

    මැතිවරණ පැමිණිලි සියය ඉක්මවයි

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවය.

    Read More

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය…

    Read More

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල්…

    Read More

    ඇප තැබූ පිරිස 17ක් දක්වා ඉහළට

    2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ…

    Read More

    ප්‍රබල අගමැතිනිය බලයෙන් පහකළ මාර්ච් ටු ඩකා

    දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගියාය. මේ වන විට ඇය ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වෙයි. බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් අද නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය. බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී…

    Read More

    SF ඇප තියයි

    2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ. වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත.

    Read More

    මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමියන්ට දැනුම්දීමක්

    මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය. මීට…

    Read More

    බ්‍රිතාන්‍ය යුද පිටියක් වෙයි 

    එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි…

    Read More

    සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර 

    ”එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සමුළුව අද (04) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි. සමුළුව සඳහා සර්වජන බලයේ විධායක කමිටුව නියෝජනය කරන පක්ෂ නායකයින්, නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.  මෙහිදී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය…

    Read More