Headlines

    ජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්

    දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික   ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින්…

    Read More

    බ්‍රිතාන්‍යය ට නව අගමැතිවරයෙක්

    බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි

    Read More

    වතු සේවක වැටුප් වැඩි කළ ගැසට්ටුවට අතුරු නියෝගයක්

    වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.  අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

    Read More

    බ්‍රිතාන්‍යය මහ මැතිවරණය ඇරඹෙයි

    රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ. පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය. මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය…

    Read More

    ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථක වෙයි

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ. රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ ඊයේ (03) දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවය. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය. වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට…

    Read More

    ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි. පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

    Read More

    පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කුගදාසන්

    ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේශය මේ වන විට කොළඹ…

    Read More

    වෙළෙඳපොළට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

    ලංකා අයිඕසී සමාගම විසින් අද (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය X ගිණුමේ  තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය…

    Read More

    සජබය ජාතික ආණ්ඩුවකට බෑ කියයි

    වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම අද (02) ඒකමතිකව අනුමත කර තිබුණි.

    Read More

    ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය තීන්දුකර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දුන්නේ ඊයේ (01) දිනයේදීය….

    Read More