පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති…

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.  අග්‍රාමාත්‍යවරිය ඒ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.   නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු…

Read More

සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත නම් සඳහන් සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…

Read More

රනිල් – සජිත් සාකච්ඡා SJB කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය. පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ඉදිරි…

Read More

ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය. “මේ ගොල්ලන්ට…

Read More

සුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි. ⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය…

Read More

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වසර 10යි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 කි. 2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය. කෙසේවෙතත්…

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019…

Read More

හිටපු ජනපති රනිල් ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති….

Read More