Headlines

    අධිකරණයට අපහාස කළ බවට මෛත්‍රී ට චෝදනාවක්

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.  පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු…

    Read More

    මැතිවරණය කල්දැමීම සුදුසු නැහැ – නාමල්

    මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය. ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද…

    Read More

    රාහුල් ගාන්ධි සමග වේදිකාවක් කඩාවැටෙයි

    ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි එක්වූ රැලියක් අතරතුරදී වේදිකාවක් කඩාවැටී තිබේ. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.

    Read More

    දිලිත් – ගම්මන්පිල – විමල් ඇතුළු පිරිසක් අලුත් සන්ධානයකට

    ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා…

    Read More

    මෛත්‍රී පාර්ශ්වය වෙන තැනකට යයි

    පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

    Read More

    ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

    මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…

    Read More

    අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ…

    Read More

    ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

    හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ වේ. ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේදී අනතුරකට ලක්වුණි. ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු…

    Read More

    ඩයනා ගැන අධිකරණය CIDයට දුන් නියෝගය

    මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ…

    Read More

    ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

    ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ. ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා…

    Read More