Politics
මේ නැකැත් දෙක මතක තියාගන්න – ජනපති
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි… හැම පක්ෂයම දුවලා…
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද
මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි. 1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස…
ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක – ජනපති
ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය. සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති…
මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම්දීමක්
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත. එසේ නොමැති නම් http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.
පාඨලීව CIDයට කැඳවයි
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
කොරියාවේ පදිංචියට යන පුවත ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශයක්
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවය. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවය….
බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඊයේ (26) අදාළ හමුව සිදුවී තිබුණි. X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහදව සාකච්ඡා කළ බවය.
රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම…
අමෙරිකාව චීනයට කළ තර්ජනය
චීනය විසින් යුක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයට. අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව…
ජනපති කැඳවූ රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක්
ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව වාර්තා විය. එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම්…