Headlines

    ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

    හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය….

    Read More

    ඉන්දීය මහ මැතිවරණය අද

    2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි. පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ. ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම…

    Read More

    ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා විය. පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද…

    Read More

    සජබයට සහාය දුන්නොත් තනතුරක්

    ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවය. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය…

    Read More

    පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

    භාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දේහය පසුගිය 17 වනදා රාත්‍රියේ ඒ මහතාගේ නිවස වෙත…

    Read More

    තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

    මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හම්වුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. බොහෝ දෙනා අසීරු…

    Read More

    IMF වෙතින් තවත් සහතිකයක්

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

    Read More

    ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ. පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණි. එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද…

    Read More

    ජාතික ජන බලවේගය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු පැහැදිලි කරයි

    2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරයි. සම්පූර්ණ තොරතුරු පහතින්

    Read More