Politics
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි. මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු…
පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
ඉරාන ජනපති ලංකාවට
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. එමගින්…
ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්
මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා…
දෙමළ ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍ය නැහැ
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේය.
බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ
ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…
හිටපු ජනපති මෛත්‍රී විදෙස්ගත වීම ගැන සැකයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
අස්වැසුමට තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය. ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල්…
ඇම්.ජී. වීරසේන පාර්ලිමේන්තුවට
ඇම්.ජී. වීරසේන මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අභාවප්‍රාප්ත එච්. නන්දසේන මහතා වෙනුවට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.