Headlines

    අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය..

    ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව හා පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ වන අතර එම ගැසට්…

    Read More

    පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි..

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. උන්වහන්සේ අපවත් වන විට 68 හැවිරිදි වියේ පසු වූහ. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, පසුගිය දා කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු උන්වහන්සේ එහි…

    Read More

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ නැහැ- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්..

    රටේ පවතින වසංගත අවදානම් තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙිදී වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහි දී කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ, වෙසක් උත්සවය අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධ වූ ඉතා පුළුල් වැඩසටහනක් බවත්,…

    Read More

    චීනයෙන් එන්නත් මාත්‍රා මි. 14ක්..

    ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා අතර ඊයේ (19) පැවති හමුවකදී මෙරට කොරෝනා පාලනය සිදුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි. ඒ අනුව චීනයේ…

    Read More

    චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට..

    චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ෆෙන්ග්හි මහතා 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර ඔහු චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි. මේ වනවිට ඒ මහතා චීන…

    Read More

    එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම – ජනපති අවධාරණය කරයි..

    මෙරට පවතින කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. නිවේදනයේ වැඩිදුරටත්…

    Read More

    මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කෙරේ..

    මැයි දිනය වෙනුවෙන් පවත්වනු ලබන සියලු මැයි දින පෙළපාලි හා රැළි මෙවර නොපැත්වීමට තීරණය කර ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (20) දින පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය. එහිදී මැයි දින පෙළපාලි හා රැළි නොපැවැත්වීමට…

    Read More

    වරාය නගර පනත් කෙටුම්පත‌ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවැනි දිනටත් ඇරඹේ..

    අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලේ. එහි දී…

    Read More

    කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන් වෙයි – රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි..

    කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පක්ෂ සම්මේලනය අමතමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 89 වන වියේහි පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ, එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවයි. කියුබානු විපලවයෙන් (1959) අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ…

    Read More

    කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්..

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. එහි දී තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති අතර…

    Read More