Politics
ඩොලරයේ මිල 200 පනී..
මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ඊයේ (16) දින රුපියල් 200.06 ලෙස ඉහළ ගොස් තිබේ. එහි දී ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 195.28 ලෙසය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම වසරේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සීමාව ඉක්මා ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ බවයි. 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලරයට…
බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජයේ තීරණය..
අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජය තීරණයක සිටින බව ද හදිසි නොවී ඉතා හොඳින් සිතාබලා කිසිඳු පාර්ශවයකට අනිසි බලපෑම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව කළ යුතු බවත් කියා සිටියේය. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ලාංකිකයන් ලෙස මෙරට සිටින අතර ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් උරුම…
අදානි හිමිකරු ලක් රජයට තුති පුදයි..
ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ. ඒ කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවය. එහි දී ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා තම ස්තූතිය පුද කර ඇත. තව ද නිල නිවේදනයක්…
මියන්මාරයේ තත්වය තව තවත් දරුණු අතට – ඊයේ ජීවිත 38ක් වෙඩි උණ්ඩ වලට බිලි වේ..
මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය. නමුත් හමුදා පාලකයින්ගෙන් විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ…
බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අත්සන් කෙරේ..
බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගය සහිත කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13) කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමිනි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට ජාතික ආරක්ෂාවට බුර්කාව ඍජුව බලපානු ලබන බවයි. “ අපි දන්නවා අපි පුංචි කාලයේ…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
මෙරට සීනි බදු වංචාවේ වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව මෙරටට ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ – සාධාරණය ඉටු වනතුරු විරෝධය දිගටම..
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ. තවද අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21…
ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි..
ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම ඊයේ (05) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙවර ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීමයි. ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුමට සමඟාමීව ඊයේ දින (05) දී, ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු…
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දීය අදානි, ජෝන් කීල්ස් හා වරාය අධිකාරිය එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය..
ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35 කාලයක් ගිවිසුම් ගතව සංවර්ධනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙහි දී ජපන් රජය මගින් ආයෝජකයෙකු නම් කරන ලෙස මෙරට රජය ඉල්ලීමක් කළ තිබුණද තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ජපන් රජය…
පාකිස්ථාන – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් පහක්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ එක්ව ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තබන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් වන්නේ, 1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා…