Politics
යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…
ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්
දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…
විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය. එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව…
ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ
ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
හිරුණිකාට වරෙන්තු
2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී…
ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත – ජනපති
රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සඳහන්ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.
අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට
අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය. මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති…
DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි,…
නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි. පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම්…