Politics
වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවය. වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන්…
ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි. එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය. මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ. මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය…
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන්…
සාක්ෂි දෙන්න අධිකරණයට ආ ඇමති විජිත
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන්…
මහින්දගේ නිල නිවස ගැන පොහොට්ටුවෙන් දැඩි තීරණයක්
රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය…
හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි…
සජබ – එජාප තවත් සාකච්ඡාවක් සාර්ථකයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබේ. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි. එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කරීමට නියමිතව…
වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව ක්‍රියාත්මක වෙයි
නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි. 2024 වසරේ ඩොලර්…
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා…
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් පත්‍ර කිහිපයකට අනුමැතිය
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට…