Headlines

    වසර 17කට පෙර හමුවූ සුපිරි පාපන්දු තරු දෙක

    2007 වසරේදී එවකට වයස අවුරුදු 20ක් වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී දින දර්ශනයක් සඳහා ඡායාරූප රූගත කිරීමකට එක්වුණි. ඔහු එහිදී බිළිඳෙකු අත දරාගෙන එක් ඡායාරූපයක් සඳහා මුහුණ දුන්නේය. එම ඡායාරූපයේ සිටින දරුවා වසර 17කට පසුව සුපිරි පාපන්දු තරුවක් වෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. ඒ දරුවා, ලෙමින් යමාල් ය. ඔහු අද ස්පාඤ්ඤ පාපන්දු…

    Read More

    අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.

    Read More

    තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

    ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන්…

    Read More

    කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමට

    ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙයි. ඒ දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර ය. එහි කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

    Read More

    අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක්…

    Read More

    LPL තරග සඳහා පවර් බ්ලාස්ට් ඕවර්ස්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග සඳහා නව තරග රීතියක් හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඒ යම් ඉනිමක අවසාන භාගය සඳහා “Power Play” අවස්ථාවක් හඳුන්වා දීමය. එම නව වෙනස්කම හඳුන්වා දී ඇත්තේ “Power Blast Overs” යනුවෙනි. ඒ අනුව යම් ඉනිමක 16වන සහ 17වන පන්දු ඕවර දෙක “Power Play” අවස්ථාවක් වෙයි. එම පන්දු ඕවර දෙකේදී…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බවය. 2022 වසරේ මැයි මාසයේ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි. ඔහුගේ…

    Read More

    ක්‍රිකට් උඩුයටිකුරු කළ ඩක්වර්ත් ජීවිතයෙන් සමුගනී

    වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය. ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…

    Read More

    ඉන්දියාව ඉන්දියාව අවසන් පූර්ව වටයටඅවසන් පූර්ව වටයට

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (24) සමත්විය. ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය. එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට…

    Read More

    LPL ටිකට් විකිණීම ඇරඹෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වෙයි. එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙයි. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුය… https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true LPL තරගාවලියේ තරග 5ක්…

    Read More