Headlines

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන්…

    Read More

    රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල් කිරීමට අවධානය

    මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් රෝගීභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල…

    Read More

    මැතිවරණ පැමිණිලි කිරීමට EC EDR ඇප් එක හඳුන්වා දෙයි

    පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දුනි. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීය.  විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, “මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක…

    Read More

    මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

    මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ…

    Read More

    මෙරට වරාය සහ ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් ආයෝජන

    ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.  ජපාන රජය මෑතකදී ආරම්භ කළ…

    Read More

    ඩිජිටල් බද්ද ගැන හරියටම දැනගන්න

    ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන්…

    Read More

    කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීමට නව ඩිජිටල් පහසුකමක්

    කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බවය. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්ත…

    Read More

    E-Passport ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම්?

    E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය. ඒ අනුව, E-විදේශ…

    Read More

    නව EPF කළමනාකරණ පද්ධතියක්

    නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ. 2024 ඔක්තෝබර් මාසය…

    Read More

    ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත –  ජනපති 

    රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන…

    Read More