මස්ක් TikTokවලටත් අත තියයි ?

TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඇතැම් විදෙස් මාධ්‍ය- වාර්තා කර තිබුණේ, චීනයේ බයිට්ඩාන්ස් සමාගම විසින් TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරනමින් සිටින බවය. හුදෙක් මෙම පුවත ප්‍රබන්ධයක් බව TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත්…

Read More

ඩිජිටල් ID එක අද හෙටම

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය. මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින්…

Read More

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත. අදාළ පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.

Read More

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය  

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි. ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක…

Read More

රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට…

Read More

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.  “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ…

Read More

ඇල්බේනියාවේ TikTok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි  සිසුවෙකුට සිදුකළ පිහි…

Read More

රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක්

රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක් නියම කර තිබේ. ඒ, 2020 වසරේ සිට RT සහ Sputnik ඇතුළු රුසියානු මාධ්‍ය  ආයතන 17කට අයත් Youtube වැඩසටහන් ප්‍රචාරය හා ප්‍රවේශයන් සීමා කිරීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අංක දෙක සහ බින්දු 36 කින් යුත් රූබල් අන්ඩෙසිලියන් දෙකක් ලෙස හැඳින්විය හැකි මෙම දඩය ….

Read More

WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්‍රවේසමෙන්

වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp  ඇතුළු සමාජ මාධ්‍ය  ජාල උපයෝගී කරගනිමින්   සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි. ඒ…

Read More

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන ජනතාවට දැනුම් දීමක්

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය. එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන…

Read More