Headlines

    කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම් වළක්වාලමින් පැනවූ අතුරු තහනම දීර්ඝ කරයි

    අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්…

    Read More

    කොළඹ කොටස් වෙළෙඳපොළ තැබූ වාර්තාව

    කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි. මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා…

    Read More

    ඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානය

    රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම…

    Read More

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ තොරතුරු

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේ ය. විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර…

    Read More

    Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්

    චීන බයිට්ඩාන්ස් සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු යෙදවුම ‘ටික්ටොක්’ අමෙරිකානු මෙහෙයුම් විකුණා දමන ලෙසත්, මාස 06ක් ඇතුළත එය සිදුනොකළ හොත් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන බවටත් කොංග්‍රස් මණ්ඩලය සම්මත කරගත් නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ඉදිරිපත් කළ පෙත්සම අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී විභාග කිරීම දැන් ආරම්භ වී තිබේ. පෙරේදා (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ…

    Read More

    e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වා ලබමින් අතුරු තහනම් නියෝගයක්

    විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත්…

    Read More

    ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

    Read More

    පාසල් 1250ක් ජාලගත කෙරේ

    ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසී ය.  ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා…

    Read More

    ඉන්දියාව iPhone ඇතුළු ස්මාර්ට් ෆෝන් බදු අඩු කරයි

    නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් ගෙන ඇති තවත් පියවරක් වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමය. මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බව විශ්වාස කෙරෙයි. ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට…

    Read More

    අලුත් අරමුණක් වෙනුවෙන් රටවල් 4ක් සාකච්ඡා කරයි 

    අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ටෝකියෝ නුවරදී එම හමුව සිදුවනු ඇති බවය. ආයෝජන අවස්ථා, අධ්‍යාපනික සහ වෘත්තීය හුවමාරු කිරීම් ඇතුළු තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    Read More