Headlines

    දිස්ත්‍රික්ක 11ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 7,700ක්

    දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේ, අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යෙමු කිරීමට පියවර ගෙන ඇති බවය. “ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම…

    Read More

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.  ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය.  විශේෂයෙන්…

    Read More

    Starlink සඳහා මූලික අනුමැතිය

    ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී තිබේ. ඒ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

    Read More

    විදුලි බිලේ අලුත් මිල ගණන් ඇමති හෙළිකරයි

    ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව ඒකක 0…

    Read More

    TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

    සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි. ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.

    Read More

    TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?

    ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී.  ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…

    Read More

    රටම කතාවෙන Starlink ගැන රජයෙන් දැනුම්දීමක්

    “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා,…

    Read More

    ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

    මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…

    Read More

    විදුලිය බිඳ වැටීම් ගැන දැනුම්දෙන්න අලුත් ක්‍රමයක්

    යහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඒ මීට පෙර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට තිබූ 1987 ක්ෂණික දුරකථන අංකයේ ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙනි. ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

    Read More

    ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?

    යුරෝපා සංගමය, මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මතය. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට…

    Read More