Headlines

    දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති

    විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක බවය. පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙයි.

    Read More

    කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම් වළක්වාලමින් පැනවූ අතුරු තහනම දීර්ඝ කරයි

    අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්…

    Read More

    ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශ විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ,  1991 අංක…

    Read More

    වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන දැනුම්දීමක්

    වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක…

    Read More

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්

    මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා…

    Read More

    දුම්රිය ප්‍රමාදයක් – මගීන්ට දැනුම්දීමක්

    කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය. ඒ අනුව…

    Read More

    බස් ගාස්තු සංශෝධනය කෙරේ

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය.  මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

    Read More

    ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර  ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ උදෑසනම පැමිණ සිය ගමනාන්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්…

    Read More

    මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්

    මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවය. ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව…

    Read More

    බස් ගාස්තුව ගැන ගත් තීරණය

    ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත්  ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවය. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර්…

    Read More