Headlines

    රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය

    සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල්  38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    Read More

    පාස්පෝට් තදබදය අවසන්

    දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබේ. ජනතාව පැවසුවේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකිවූ බවය.  විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේය. ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත…

    Read More

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.  මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…

    Read More

    රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ…

    Read More

    ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී

    කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත. මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය. විශේෂයෙන් ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ…

    Read More

    අමෙරිකානු නෞකාවක් හදිසියේ කොළඹ වරායට

    අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පැවසුවේය. සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා එම නෞකාව මෙරටට පැමිණ ඇති බව සඳහන්ය. නෞකාව දිගින් මීටර් 160ක් පමණ වන අතර නැව් මුළුව 338 දෙනෙකුගෙක් සමත්විත වන බව නාවික…

    Read More

    e-වීසා සේවාවන් සැපයීම සමාගම්වලට පැවරීම වළක්වා ලබමින් අතුරු තහනම් නියෝගයක්

    විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත්…

    Read More

    කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්

    කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවය. “කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන…

    Read More

    නේපාලය සලිත කළ බිහිසුණු ගුවන් යානා අනතුර

    නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක්…

    Read More

    ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

    පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා…

    Read More