Headlines

    ගංවතුර ගැන දැනුම්දීමක්

    සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි. වැඩි විස්තර පහතින්,

    Read More

    දිල්ලිය නොසිතූ ලෙස රත්වෙයි

    ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. අද දිනයේ එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම තත්ත්වය තුළ ප්‍රාන්ත බලධාරීන් විසින් ජල හිඟය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. මිලියන 30 කට වැඩි ජනගහනයක් සිටින දිල්ලි නගරයේ ජනතාවට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

    Read More

    රෙමාල් ඉන්දියාව ට සහ බංග්ලාදේශය ට බැටදෙයි

    රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වාර්ෂාව ඇතිවූ බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට තිබුණි. නමුත් එම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වෙමින් පවතින බව සඳහන් ය. රෙමාල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 135ක වේගයෙන් ඊයේ රාත්‍රියේ…

    Read More

    කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට

    කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය…

    Read More

    කාලගුණයෙන් මුහුද ගැන රතු අනතුරු ඇඟවීමක්

    තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවය….

    Read More

    සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ගනී

    රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව…

    Read More

    පවතින වැසි සහ සුළං තවදුරටත්

    නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය හෙට (25) උදේ 5.30…

    Read More

    සුළං ප්‍රවාහයේ වැඩිවීමක්

    දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි. වැඩි විස්තර පහතින්,

    Read More

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (19) පෙ.ව 8.30 සිට එම නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදයේ දැකවෙන්නේ, බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට…

    Read More