Headlines

    ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර…

    Read More

    අදත් ප්‍රදේශ රැසකට වැසි

    නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු,…

    Read More

    නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

    අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් මේ වනවිට ස්ථානගත කර තිබෙන බව නාවික හමුදාව පවසයි. මෙම කටයුතු ඉකුත් 15වනදා ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ දැනටමත්…

    Read More

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

    නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින්…

    Read More

    නැගෙනහිරට සහ ඌවට අදත් මි.මී 150 ඉක්මවූ වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. …

    Read More

    අද සිට වැස්ස වැඩිවෙයි

    අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී….

    Read More

    සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි

    සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද බිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 02ක් පමණ කොටස ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙලෙස යටවී ඇත. ඊයේ (13) සිට පවතින අධික වාර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන්…

    Read More

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී…

    Read More

    ජපානයට භූ කම්පනයක්

    ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ. භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ. එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති…

    Read More