
ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින්න
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.
ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට…
ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර්…
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ. ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති “ෂයිනින් පාත්” ගරිල්ලා සංවිධානය මර්ධනය…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පෙරේදා (09) දැනුම් දී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව පිළිගෙන තිබේ. ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බව වාර්තා විය. ඒ අනුව, හන්ටර් බයිඩන් ට වසර 17ක සිර…
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2025 වසර සඳහා ක්‍රීඩක වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතය. එහිදී රඳවා ගතයුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඩ්‍රාවිඩ්, රෝයල්ස් හිමිකරුවන් සමග සාකච්ඡා කළ බව සඳහන් ය. රෝයල්ස් කණ්ඩායම සමග ඩ්‍රාවිඩ් ට අතීතයේ ද සම්බන්ධතා…
යුක්‍රේනයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේඑම ප්‍රහාරය යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එල්ලවී තිබෙන බවය.
චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුනගෙන් එක්…
ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි. පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි….