Headlines

    බ්‍රිතාන්‍ය යුද පිටියක් වෙයි 

    එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි…

    Read More

    එංගලන්තයේ නගර කිහිපයක කෝලාහල පැතිරෙයි

    ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති බවත් ය. එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය. වසර 13කට…

    Read More

    ශීත යුද්ධයෙන් පසුව විශාලතම සිරකරු හුවමාරුව

    රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය වාර්තා අතරට එක්ව ඇත්තේ, ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසය. තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී සිදුවූ සිරකරු හුවමාරුවේදී රුසියාව සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර තිබුණි. ඒ අතරට…

    Read More

    මැද පෙරදිග යුද බිය පැතිරෙයි

    තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි….

    Read More

    ජෝ රූට් අංක එක වෙයි

    ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනූව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රූට් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 872ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසුවෙයි. ඒ ලකුණු 859ක් සමගිනි.

    Read More

    ඔලිම්පික් උලෙළ අති උත්කර්ෂවත් ව ඇරඹෙයි

    විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි දිගහැරුම ප්‍රංශයේ පැරිස් නුවරදී අද (27) අළුයම නිල වශයෙන් ආරම්භ විය. ඔලිම්පික් සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වීමට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුණි. ඒ අනුව පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ පැරිස්…

    Read More

    රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

    Read More

    ඉන්දියාව iPhone ඇතුළු ස්මාර්ට් ෆෝන් බදු අඩු කරයි

    නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් ගෙන ඇති තවත් පියවරක් වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමය. මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බව විශ්වාස කෙරෙයි. ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට…

    Read More

    රුසියානු බුද්ධි අංශ නිලධාරියාට බෝම්බ ප්‍රහාරයක්

    රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබේ. අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබුණි. එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරු එම බෝම්බර පුපුරා ගොස් තිබේ. එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි…

    Read More

    නේපාලය සලිත කළ බිහිසුණු ගුවන් යානා අනතුර

    නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක්…

    Read More