Headlines

    අලුත් අරමුණක් වෙනුවෙන් රටවල් 4ක් සාකච්ඡා කරයි 

    අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ටෝකියෝ නුවරදී එම හමුව සිදුවනු ඇති බවය. ආයෝජන අවස්ථා, අධ්‍යාපනික සහ වෘත්තීය හුවමාරු කිරීම් ඇතුළු තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    Read More

    ට්‍රම්ප් ට වෙඩිතැබීම – වරදක් සිදුවූ බව චීට්ල් පිළිගනී

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන තිබේ. අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය. එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය…

    Read More

    ශ්‍රී ලංකාවට එමින් තිබු නෞකාවක විශාල ගින්නක්

    කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. ගෝආ වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය 19 වනදා අදාළ නෞකාවේ ගින්නක් හටගෙන තිබුණි. අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් රැගත් නෞකාවේ හටගත් ගින්නෙන් එහි කාර්යය…

    Read More

    ගාසා තීරයෙන් බය හිතෙන වෛරස් ප්‍රභේදයක් හමුවෙයි

    ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි. මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති…

    Read More

    බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි

    බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත. රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්…

    Read More

    මිනිසා සඳ මත පා තබා අදට වසර 55ක්

    මිනිසා පළමු වරට සඳ මත පා තැබූ ඓතිහාසික දිනය සනිටුහන් වී අදට (20) වසර 55ක් සැපිරෙයි. මිනිසෙකුගේ එක් කුඩා පියවරක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වූ යෝධ පිම්මක් යන ඉතිහාසගත ඒ වඳන් පෙළ ලෝ ප්‍රකට අභ්‍යවකාශගාමි නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් ප්‍රකාශ කළේ  1969 වසරේ ජුලි 20වනදාවකය. මිනිසා පළමුවරට සඳ මත පා තැබූ එම මොහොත සජීවීව…

    Read More

    ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය. මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින්…

    Read More

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්…

    Read More

    යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

    2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.

    Read More

    ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

    අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ…

    Read More