Headlines

    බ්‍රිතාන්‍යය ට නව අගමැතිවරයෙක්

    බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි

    Read More

    ඉන්දියාවේ තවත් ඛේදවාචකයක්

    වායූ දුෂණය හේතුවෙන් සෑම වසරකම ඉන්දියාව තුළ මරණ 33,000ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ. “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ වාර්තාවීම් සිදුව තිබේ. අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම…

    Read More

    බ්‍රිතාන්‍යය මහ මැතිවරණය ඇරඹෙයි

    රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ. පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය. මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය…

    Read More

    ලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්

    දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයකි. මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණි. රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර…

    Read More

    ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය තීන්දුකර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දුන්නේ ඊයේ (01) දිනයේදීය….

    Read More

    මැතිවරණයෙන් එමානුවෙල් මැක්‍රෝන්ට දැවැන්ත පසුබෑමක්

    ප්‍රංශ මහා මැතිවරණයේ පෙරමුණ ගැනීමට මරීන් ලා පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සමත්ව තිබේ. එහිදී ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සන්ධාන පක්ෂය දැවැන්ත පසුබෑමක් ලබා තිබීම ද විශේෂත්වයකි. මේ අතර දක්ෂිණාංශික පක්ෂය ලැබූ ජයග්‍රහණයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් පැරිස් අගනුවර වෙත රැස්ව සිටී. ඔවුන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුමක් ද හටගත්තේ තිබුණි.

    Read More

    ප්‍රංශයේ අධිවේගයට කඩා වැටුණු ගුවන් යානය

    ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් ගුවන් යානය කුමන හේතුවක්…

    Read More

    පෘථිවිය බේරාගැනීමේ කොන්ත්‍රාත්තුව ඊලොන් මස්ක් ට

    වසර 20කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායකත්වය සපයන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය අවසන් වූ විට එය ආරක්ෂිතව ඉවත්කර දැමීමේ සැලසුම නාසා ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මේ භාරදූර මෙහෙයුම සඳහා යොදාගැනීමට නියමිතව ඇත්තේ ඊලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් යානයකි. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ සහ අභ්‍යවකාශ පරිසර යටතේ අත්හදා බැලීම් සිදුකිරීමේ අරමුණින්…

    Read More

    අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක්…

    Read More

    කොවිඩ් – 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ

    කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

    Read More