Headlines

    ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් ගැන සුවිශේෂී තීරණයක්

    2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරයි. එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර ඇත. 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි  2 වනදා ආරම්භවීමට නියමිත…

    Read More

    සිංගප්පුරුවේ යුගයක නිමාව

    ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය “Lee Hsien Loong” සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති. වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතය. සිංගප්පුරුව…

    Read More

    කොවිඩ්වලින් බේරෙන්න ගත් එන්නත ගැන සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්

    කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි.  කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය. කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ…

    Read More

    ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී ය.  මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද සහභාගි වූවාය. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික…

    Read More

    අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි

    වෙනිසියුලාවේ පිහිටා තිබූ අවසන් ග්ලැසියරය වන්නේ ලා කොරෝනා එනම් හම්බෝල්ට් ග්ලැසියරය යි. මේ වනවිට එම ග්ලැසියරය දියවීම වේගවත් වී අයිස් පෙතක් බවට පත්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙය ගෝලීය කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵල මැනවින් පෙන්නුම් කරන තත්ත්වයක් බව විද්‍යාඥයින් පවසයි.

    Read More

    ඇන්ඩර්සන් ට දොර වැසෙයි

    ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා වන එංගලන්ත කණ්ඩායමේ ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සැරසෙන බව වාර්තා වෙයි. ඔහු ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස්ට් තරගාවලි සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට තීරණය කර ඇති බවය. ඒ බව එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්…

    Read More

    මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ…

    Read More

    අමෙරිකාවේ ප්‍රබලයෙක් ඉන්දු – ලංකා සංචාරයක

    දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය. අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය. ඔහුගේ…

    Read More

    අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

    අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන…

    Read More

    චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්

    නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. Yunnan පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වෙයි. කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබුණි. එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.

    Read More