Headlines

    ඊශ්‍රායලයේ Al Jazeera කාර්යාලය වටලයි

    කටාර් රාජ්‍යයට අයත් ‘අල් ජසීරා’ නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ‘අල් ජසීරා’ නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලීසිය විසින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන…

    Read More

    සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

    ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය. ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.

    Read More

    බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට

    දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත. ඒ හේතුවෙන් පුද්ගලයින්…

    Read More

    අධික උෂ්ණත්වය නිසා ආසියානු කලාපයේ සිදුවන විපර්යාස

    ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ. ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවෙන් 1901 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් අප්‍රේල් මාසය ලෙසය. ඉන්දියාවට බලපා ඇති මේ තාප තරංග කාලගුණ නිසා මේ වනවිට පුද්ගල මරණ 9ක්ද වාර්තා වී තිබේ. බංග්ලාදේශයටත්…

    Read More

    සඳේ අඳුරු කලාපයේ සාම්පල ගේන්න චීනය යයි

    සඳේ දුරස්ථ කලාපවල එනම් සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන පෘථිවියට නොපෙනෙන කලාපවල සාම්පල රැස් කිරීමේ අරමුණින් චීනය නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් සැකසූ මිනිසුන් රහිත චැන්ග් යී සික්ස් යානය රැගත් Long March-5 Y8 රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි. දින 53ක් පුරා දියත් කෙරෙන මෙහෙයුමෙන් සඳේ දුරස්ථ කලාපවල සාම්පල කිලෝග්‍රෑම් 2කට ආසන්න…

    Read More

    සුප්‍රකට ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි

    අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ….

    Read More

    න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?

    AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි. එසේම යුද ගැටුම්වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට පැහැදිළිව පෙනීයන කරුණකි.  මේ ආකාරයෙන් මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන්…

    Read More

    ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

    1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින්…

    Read More

    නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්

    කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.        මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි

    Read More

    හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

    ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ලකොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ MSC Orion නම් බහාලුම් ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබුණි. හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා ඔවුන්…

    Read More