Headlines

    හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

    යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

    Read More

    ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව

    සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය.  එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ්…

    Read More

    පාකිස්තානයෙන් ආ යාත්‍රාවේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය

    පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු ඉන්දියානු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. “අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන…

    Read More

    මූල්‍ය වංචාවකට නළුවෙකු අත්අඩංගුවට

    ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. “මහාදේව්” නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.  සැකකාර නළුවා මුම්බායි සිට…

    Read More

    බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඊයේ (26) අදාළ හමුව සිදුවී තිබුණි. X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහදව සාකච්ඡා කළ බවය.

    Read More

    අමෙරිකාව චීනයට කළ තර්ජනය

    චීනය විසින් යුක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයට. අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව…

    Read More

    ඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම

    ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ සම්බන්ධයෙන් වාර්තා කළ එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි. 2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි…

    Read More

    ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

    ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ…

    Read More

    තායිවානයේ භූ කම්පනයක්

    නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ. ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් භූ කම්පනයක් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා…

    Read More

    අමෙරිකානු පුරවැසිභාවය ගැන දැනුම්දීමක්

    ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී තිබේ. අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉන්දියානුවන් 65,960දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත.  එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු…

    Read More