Headlines

    ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු එක්දින තරග 71කදී ලකුණු…

    Read More

    ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි. එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය. මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ. මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය…

    Read More

    වායු දුෂණයෙන් ලොව පුරා මියයන පුද්ගලයින් ගණන ඉහළට

    වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය…

    Read More

    ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය…

    Read More

    පෘථිවියේ දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වූ හැටි

    පෘථිවිය සූර්යයා වටා ගමන්  කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ. Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇත.  මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන…

    Read More

    ට්‍රම්ප් රටවල් 3කට සැරවෙයි  

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා ඇත. කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු…

    Read More

    හමාස් අද නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කෙරේ

    ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ. ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද…

    Read More

    චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

    චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. “අපිට ඒ ප්‍රාන්ත ප්‍රධානියා එකඟතාවය පළ කළා, ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ පහසුකම් නොමිලේ ලබාදෙන්න. ඒ අනුව විදේශ අමාත්‍යාංශය විදියට වෙන්දු නගරයේ…

    Read More

    අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම  ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තාක්ෂණික, වෘත්තීය…

    Read More

    WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

    එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය…

    Read More