මිලියන 60ක කේරළ ගංජා පේදුරුතුඩුවෙන්

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන ඇත. යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසයි….

Read More

ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා…

Read More

ඉෂාරා ගැන බොරු තොරතුරු දුන් අයෙකු රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරු අධිකරණයට…

Read More

අධිකරණයේ ගොඩ ගැසුණු නඩු ලක්ෂ 11 ඉක්මවයි

අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ  බැවින්,  යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්විය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත (pending) නඩු 5,785 ද, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6,286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6,146ක්,…

Read More

ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් කෙරේ

ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළාය.  පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ…

Read More

විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද (28) නියෝග කළේය. විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණ සහ මේනකා විජේසුන්දර යන මහත්ම…

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන…

Read More

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරයි. ඒ අනුව පොලීසිය අනුමාන කරන්නේ කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට ය. පාතාල නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදා…

Read More

විනිසුරුට එරෙහිව ෆේස්බුක් පෝස්ට් දැමූ සිද්ධිය ගැන සොයයි 

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර…

Read More

බන්ධනාගාර තුළ නවීන ආරක්ෂක ක්‍රමවේද ඇති කිරීමට පියවර 

රට තුළ තිබෙන සියලු බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග (ජෑමර්) නවීකරණය කිරීම ද ඇතුළත් ය. නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ඔස්සේ බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීවගේ සිද්ධියෙන් පසුව වීමද විශේෂත්වයකි. බන්ධනාගාර තුළ මේ…

Read More