
අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අධිකරණයට එයි
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබේ. 2024.11.10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන…