මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, චෝදනාව එල්ලවන වෛද්‍යවරයා සිය සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පවසයි.

“මේ සම්බන්ධනේ මීගමුව රෝහලෙන් වාර්තාවක් කැඳවූවා. එහිදී පැහැදිලි වුණු එක් කරුණක් අදාළ වෛද්‍යවරයා මීට පෙරත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙක්.

ඔහු විනය විරෝධීව කටයුතු කිරීම නිසා 2021 වර්ෂයේ දී සාමාජිකත්වයෙන් නෙරපා දැමූ පුද්ගලයෙක්. 

මේ සිදුවීම අපට සුළුකොට තකන්න බෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. 

කිසිම විදියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැරදිකාරයන් රකින්න සූදානමක නෑ. පරීක්ෂණය සඳහා උපරිම සහයෝගය ලබාදීමට සූදානම්” යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *