Headlines

    ගිනිගත් නැවේ ‘කළු පෙට්ටියට’ මොකද වුණේ?..

    පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ‘කළු පෙට්ටිය’ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID), නාවික හමුදාවෙන් සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

    ඒ අනුව අදාළ කටයුතු සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අනියුක්ත කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

     ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට මුහුදේ පවතින රළු ස්වභාවය සහ නෞකාවේ දැනට පවතින අනාරක්ෂිත ස්වභාවය හේතුවෙන් කළු පෙට්ටිය සෙවීමේ මෙහෙයුම්වලට බාධා මතුව ඇති බවයි.

    කෙසේ වෙතත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක අතර නෞකාවේ ‘කළු පෙට්ටිය’ සොයා ගැනීම සහ එහි අඩංගු දත්ත විශ්ලේෂණයෙන් මෙම අනතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සාර්ථක වන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කලේ, මේ වන විටත් මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ ජල සාම්පල ලබා ගත් බවයි.

    අදාළ සාම්පල ලබාගෙන ඇත්තේ නෞකාවේ ඉදිරි විශ්ලේෂණ කටයුතු වෙනුවෙන් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට අදාළ කටයුතු වෙනුවෙන්, විශේෂ කණ්ඩායමක් ද ක්‍රියාත්මක බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *