දිවයිනේ තුළ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා සඳහන් කළේ, පවතින මහ වැස්සත් සමඟ කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,873ක් වන අතර පුද්ගලයින් 04 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.




