Headlines

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවන ෆයිසර්..

    ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව එලෙස දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවයි.

    ජර්මනියේ සිදුකළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රසෙනෙකා එන්තේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් ලැබෙන පලදායීතාවට වඩා ඉහළ පලදායීතාවක් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම මඟින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ, “මීට දින කිහිපයකට පෙර ජර්මනියේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල නිකුත් කළා. ඒ අනුව මාත්‍රා දෙකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගන්නවාට වැඩිය පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ලබාගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම මගින් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලා ඔවුන් පෙන්වා දීලා තියෙනවා.” යනුවෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *