Headlines

    පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු රුස් කිරීමට නව මෘදුකාංගයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ දත්ත හා තොරතුරු ඒකරාශී කරලීම උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් හදුන්වා දීම ඊයේ (25) දින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    මේ වන විට 10,000 කට අධික පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රෝගීන් සුවපත් කිරීමෙහි ලා නිරතව සිටින අතර, ඔවුන්ගේ තොරතුරු නිරන්තර යාවත්කාලීන කරලීමේ අරමුණෙන් මෙම මෘදුකාංගය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව NDH ආයතන ප්‍රධානී සංජීව ධර්මවර්ධන මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලය විසින් නොමිලේ නිර්මාණය කරදී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *