Headlines

    රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

    ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි.

    ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙතයි.

    ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර, ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීම සම්බන්ධයෙන් ඩෙමිස් හසාබිස් සහ ජෝන් එම්. ජම්පර් යන විද්‍යාඥයින් වෙත පිරිනමා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *