වසර 21 ක් ප්‍රමාද වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය දින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින් ජාතික ළමා ආරක්ෂා අධිකාරිය 1998 දී පිහිටුවා ඇතත් වසර 21 ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේවන විට සකස්කොට ඇති ජාතික ප්‍රතිපත්තිය සදහා අනුමැතිය ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී.

මෙහි දී ළමා අපයෝජන වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස පාසැල් සිසුන් ප්‍රවාහන සේවය විධිමත් කිරීම සදහා නෛතික රාමුවක් සකස් කිරීමත් නියාමනයත් හදුනාගෙන තිබුණද එය මේවන තෙක් ඉටුනොවීම පිළිබද කමිටුව සිය අවධානය යොමු කරන ලදී.මේ සදහා අවශ්‍ය ප්‍රමිතීන් සකස් කර ඇති බවත් නියාමනය අධිකාරිය විසින් සිදු කිරීමට සේවක පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කළ යුතු බවත් අධිකාරයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.දැනට අලුතින් පත්වීම් ලද උපාධිධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සේවයේ යොදවා ගෙන මෙම වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස මෙහිදී කමිටුව උපදෙස් ලබාදෙන ලදී.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතුව පැමිණිලි සම්බන්ධ දත්ත තිබුණත් ළමා අපචාර පිළිබද ජාතික දත්ත පදනමක් නොමැතිවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.ළමා අපයෝජන වළක්වා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල සදහා විධිමත් දත්ත අත්‍යවශ්‍ය බැවින් වඩාත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව දැනුම් දුන් අතර ආයතනයේ අනුමත තනතුරු සංඛ්‍යාව 548ක් බවත් මින් 206ක් පුරප්පාඩු පවතින පවතින බවත් මෙහිදී අනාවරණය විය.අනුමත තනතුරු සදහා බදවා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් සිදුකළ හැකි බැවින් ඒ සදහා වහාම පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා බලධාරීන්හට දැනුම්දුන්නේය.අපයෝජනයට ලක්වන දරුවන්ගේ හඬ බවට පත්වන රටේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙම ගැටලු කඩිනමින් විසදා ආයතනය ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමේ වැදගත්කම මෙහිදී මහාචාර්ය හේරත් මහතා අවධාරණය කළ අතර නැවත මෙම වසර අගදී කෝප් කමිටුව හමුවට මෙම අධිකාරිය කැදවීමට කටයුතුකරන බවද දැනුම් දුන්නේය.