Headlines

    මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

    ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

    එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

    “මේ වනවිට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කාර්යාලවලින් ඡන්ද මධ්‍යස්ථානවලින් පිහිටුවා තිබෙන කාර්යාල මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල ඉවත් කළ යුතුයි. මධ්‍යම රාත්‍රියෙන් පසුව තබාගැනීමට හැකි වෙන්නේ පක්ෂ හා කණ්ඩායම්වල කොට්ඨාසයට එකක් ලෙස පිහිටුවා තිබෙන කාර්යාලය පමණි. ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට මැතිවරණ කොට්ඨාසයට එක් කාර්යාලයක් පිහිටුවා ගැනීමට. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස කාර්යාලයක් ලෙස තවදුරටත් පවත්වා ගත හැකියි. නමුත් ඒ කිසිවක සැරසිලි හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීමට හැකියාව නෑ.”

    නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මේ අතර මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6,000ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *