Headlines

    ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වාද්දුව පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වු අදාළ පුද්ගලයා ඡන්ද පත්‍රිකාව ලබාගෙන මනාප අංක අමතක වී යැයි පවසා එම මධ්‍යස්ථානයෙන් පිටතට යාමට එහි සිටි නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ.

    කෙසේවෙතත් ඊට අවසර ලබා දිය නොහැකි බවට එම නිලධාරීන් පැවසීම හේතුවෙන් ඔහු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දමා ඇති බව පොලීසිය පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *