Headlines

    අධික වැසි හමුවේ ප්‍රධාන වැව් රැසක් වාන් දමයි

    මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක්ද මේ වන විට වාන් දමමින් පවතින බවය.

    ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හී පිහිටා ඇති සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

    මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 9න් 8ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 7න් 4ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැව් 4න් 3ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 10න් 4ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ වැව් 2න් 1ක්, මහනුවර දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 10න් 9ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 5න් 4ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 4-2ක් ද වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *