Headlines

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරේ

    දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

    එම සංවිධානය පැවසුවේ ඊයේ (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින්න ලෙස අනතුරු අඟවා තිබේ.

    මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, පන්විල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, නාඋල, පල්ලේපොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *