Headlines

    කුරුණෑගල – පුත්තලම මාර්ගය වසාදැමීම පිළිබඳ දැනුම්දීමක්

    පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

    මෙම අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දිනයේද මෙම ප්‍රදේශය වසා දමා තිබුණි.

    මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය සේවය වැඩිදුරටත් පවසා සිටියේ, හෙට (8) සහ අනිද්දා (9) දිනයන්හිද අළුත්වැඩියා කටයුතු සිදුකරන කාලවලදී ද වරින්වර මෙම මාර්ගය වසා තැබීමට සිදුවන බවයි.

    මේ හේතුවෙන් මෙම කාලසීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් මෙම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත්කළ නිවේදනය

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *