Headlines

    ගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන තිබේ.

    ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී ඇත.

    ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර, මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

    මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පියවර ගෙන ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *