Headlines

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම කල් යයි..

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් ප්‍රමාද කිරීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග එම තීරණය ගෙන ඇති බවයි.

    ඒ අනුව ලබන 21 වැනි දා සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණත් නව තීරණය අනුව ජූලි 19 වැනි දා සිට කොරෝනා සීමා ඉවත් කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

    මේ අතර ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් දාහතර දහසකට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති පසුබිමක මේ වනවිට එරට ජනගහනයෙන් 44.6% ක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණය අවසන් කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා දීර්ඝ කිරීමත් සමඟ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, කොරෝනා සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ වැඩි පිරිසකට එන්නත් කිරීමේ අවස්ථාව හිමිවන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *